දඹුල්ල නව සංචාරක බංගලාව 2022.02.19 වන දින ගරු වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

13/2021 දරණ දෙපාර්තමේන්තු චක්‍රලේඛයට අනුව විවාහ උප්පැන්න හා මරණ සහතික පරිවර්ථනය කිරීම සඳහා වූ ගාස්තුව රු 600 දක්වා වැඩිකර ඇති අතර, මෙම සංශෝධනයන් 2021.06.01 දින සිට ක්‍රියාත්මක වන බව කාරුණිකව සලකන්න.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියත්මක කිරීමට නියමිත තොරතුරු තාක්ෂණය උපයෝගී කරගනිමින් අඩු ආදායම්ලාභී පුද්ගලයන්/පවුල් හඳුනාගැනීමේ වැඩසටහනට සමගාමීව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රථම මාධ්‍ය හමුව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 සැප්තැම්බර් මස 05 වන දින ප. ව. 2.00 ට අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම මාධ්‍ය හමුව සඳහා වැඩසටහනට දායකත්වය ලබාදෙන සියළුම පාර්ශවකරුවන්ද සහභාගී විය.

















