online services

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය විසින් ලබාදෙන සේවාවක් වන උපත්, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම කෝවිඩ්-19 වසංගත තත්වයත් සමඟ මාර්ගගත සේවාවක් සමඟ බද්ධ කිරීමට අප මේ වන විටත් කටයුතු සලසා ඇත. සේවාලාභීන් කාර්යාල භූමියේ රැඳී සිටින කාලය අවම කිරීම සහ ඔවුන් සඳහා ඵලදායී සහ කාර්යක්ශම සේවාවක් ලබාදීම මෙහි අරමුණයි.

 

ඔබට අවශ්‍ය සේවාව ලබාගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීමට පෙර උපත්, මරණ සහ විවාහ සහතික ලබාගැනීම සඳහා වෙන් වෙන් වශයෙන් නිර්මාණය කර ඇති පහත සඳහන් Link ඔස්සේ පිවිසී අදාල තොරතුරු සපයන්න. ඉන්පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරියෙක් ඔබ හා සම්බන්ධ වනු ඇත. ඉන්පසු ලංකා බැංකුවේ ගිණුම් අංක 7041650 ගිණුමට එක් සහතික පත්‍රයක් සඳහා රුපියල් 100ක මුදලක් ගෙවා එම රිසීට් පත රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන විට රෙජිස්ට්‍රාර් අංශය විසින් ඔබට අවශ්‍ය සහතිකය ඔබ වෙනුවෙන් සකසා තබා ඇති බැවින් ප්‍රමාදයකින් තොරව ඔබගේ අදාල සහතිකය ලබාගැනීමේ හැකියාව ඇත.

 

උප්පැන්න සහතික ලබාගැනීමට : https://docs.google.com/forms/d/e/1FAIpQLScuk2DgEkGhQNt7PKrq0ZWNr0icQ9RKzkKBqLr14FF9rR7XGQ/viewform

විවාහ සහතික ලබාගැනීමට : https://docs.google.com/forms/u/1/d/e/1FAIpQLSewbrCq8AV1Tq0vP_J3sXi9iLywUeERsqEmEUJQlkzvCqPUag/viewform

මරණ සහතික ලබාගැනීමට : https://docs.google.com/forms/d/e/1FAIpQLSe_pq-40GWtzo50izv_TRYF-tJXlgNmYR5CYH1iS0PyQ0F-qw/viewform

 

මීට අමතරව මෙම පහසුකම "0712145278" වට්සැප් අංකය ඔස්සේ අදාල තොරතුරු අපවෙත එවීමෙන්ද ලබාගත හැක.

 

වට්සැප් අංකයට එවිය යුතු තොරතුරු:

උප්පැන්න සහතිකය ලබාගැනීම සඳහා: සහතික අංකය, උපන් දිනය, උපන් ස්ථානය, දරුවාගේ නම, මවගේ නම

විවාහ සහතිකය ලබාගැනීම සඳහා: සහතික අංකය, මියගිය දිනය, මරනය සිදුවූ ස්ථානය.

විවාහ සහතිකය ලබාගැනීම සඳහා: දිනය, විවාහවූ පුද්ගලයන්ගේ නම්, ස්ථානය

News & Events

23
Jan2026

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දඹුල්ල

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය...

28
Oct2022
New circuit bungalow - Dambulla

New circuit bungalow - Dambulla

The new Circuit bangalow was opened on...

28
Oct2022
By addressing the press conference at minstry of Finance

By addressing the press conference at minstry of Finance

A national level awareness program was conducted...

28
Oct2022
Special Notice

Special Notice

The fee for translating marriage birth and...

Scroll To Top