විදේශ රැකියා සංවර්ධන නිලධාරී
- රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා චක්‍රලේඛවලට අනුකූලව නිර්දේශ කිරීම.
- ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් විගමනික පවුල්වල සුබසාධන කටයුතු සැලසීම.
- විදේශගතවීමට අපේක්ෂිත (රැකියා සඳහා) ප්‍රජාවට සුරක්ෂිතව සංක්‍රමණය වීමට අවශ්‍ය දැනුවත් කිරීම් හා මඟපෙන්වීම.
සමථ නිලධාරී
- සමථ මූල මණ්ඩල නිරීක්ෂණ කටයුතු.
- පාසල් සමථකරණ ඒකක පිහිටුවීම හා පාසල් සමථකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- සමථකරය පිළිබඳව ප්‍රජාව හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම.
උපදේශන සහකාර
- මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා පුද්ගලයන් කණ්ඩායම් ප්‍රජාවන් සමඟ වැඩ කිරීම.
- හැඟීම් හා අත්දැකීම් සාකච්ඡා කිරීමට සේවාලාභීන් දිරිමත් කිරීම.
- මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, වයස්ගතවිට, හිරිහැර කිරීම්, කෝපය පාලනය කිරීම, වෘත්තීන්, මානසික අවපීඩනය, සබඳතා ගැටළු, ස්වයං ප්‍රතිරූපය, ආතතිය සහ සියදිවි නසා ගැනීම ඇතුළු ගැටළු සඳහා මැදිහත්වීම.
- චිකිත්සක ක්‍රියාවලීන් වර්ධනය කිරීම.
- සේවාලාභීන්ගේ ඉලක්ක නිර්වචනය කිරීමට, අනාගත සැලසුම් සකස් කිරීමට මඟ පෙන්වීම.
- අවශ්‍ය අවස්ථා වලදී වෛද්‍යමය ප්‍රතිකාර සඳහා යොමු කරමින් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු ගොඩනැගීමට සහාය වීම.
සංවර්ධන නිලධාරී දේශීය වෛද්‍ය අමාත්‍යංශය
- බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම
- පෙරපාසල් දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීම
- පාසල් දරුවන් දැනුවත් කිරීම
- ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම
- ආයුර්වේද වෛද්‍ය සායන සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කිරීම.
- ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීම
ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක
- ප්‍රදේශයේ ජනතාවගේ ඒකාබද්ධතාවය පිළිබඳ තොරතුරු රැස් කිරීම.
- රාජ්‍ය නිලධාරීන් සඳහා ජාතික ඒකාබද්ධතාවය පිළිබඳ පුහුණු වැඩසටහන් සංවිධානය.
- ආගමික, සංස්කෘතික විවිධත්වය සම්බන්ධව පාසල් සිසුන්, මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම.
- ආන්තීකරණයට ලක් වූ ජනතාව සඳහා ව්‍යාපෘති සැලසුම් සිකීම සහ ක්‍රියාත්මක කිරීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු සිදු කිරීම.
ජාතික ව්‍යවසාය සංවර්ධන නිලධාරී
- ව්‍යවසාය සංසද පිහිටුවීම
- ව්‍යවසාය දත්ත පද්ධතිය පිහිටුවීම
- ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය ආයතන හා කටයුතු සම්බන්ධීකරණය.
- ව්‍යවසායකයන් හා වෙළඳපල සම්බන්ධීකරනය.
- ව්‍යවසායක ගැටලු හඳුනාගැනීම සහ ඒවාට විසඳුම් සපයා ගැනීමට සහාය වීම.
- ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
- ව්‍යවසායක හා තාක්ෂණික පුහුණු වැඩසටහන් සංවිධානය හා සම්බන්ධීකරණය.
- ව්‍යාපාර සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කිරීමට සහය වීම.
ඵලදායිතා සංවර්ධන නිලධාරී
- කොට්ඨාශය තුළ ඵලදායීතා සංකල්පය ක්‍රියාත්මක කිරීම හා ව්‍යාප්ත කිරීම.
- රාජ්‍ය අංශය
- පෞද්ගලික අංශය
- පාසල් හා පිරිවෙන අංශය
- පෙර පාසල්
- ප්‍රජා අංශය
- ජාතික ඵලදායීතා සම්මාන තරඟය සඳහා කොට්ඨාසයේ ආයතන යොමු කිරීම.
- 5S සහතිකකරණය සඳහා ආයතන යොමු කිරීම.
- රාජ්‍ය අංශය තුල ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සිදු කිරීමට සහය වීම.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඵලදායීතා සංකල්ප ක්‍රියාවට නැංවීම.
කෘෂිකර්ම සංවර්ධන නිලධාරී
- කන්න රැස්වීම් පැවැත්වීම
- ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව මාසිකව පැවැත්වීම
- කොට්ඨාසයේ ගොවි ගැටළු අදාල ආයතන වෙත යොමු කිරීම හා විසඳුම් ලබාදීම
- කොට්ඨාසයේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාතමක කිරීම.
- දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධ රාජකාරි කටයුතු සිදු කිරීම.
- වගා හානි අයදුම්පත් සම්බන්ධ නිර්දේශ නිකුත් කිරීම.
නිපුනතා සංවර්ධන නිලධාරී
- වෘත්තීය මාර්ගෝපදේශණ සැපයීම.
- වෘත්තීය පුහුණු ආයතන වෙත් අපුහුණු අපේක්ෂා කරන අයවලුන් යොමු කිරීම. (විශේෂයෙන් පාසල් හැරගිය තරුණ පිරිස්)
- NVQ සහතික ලබාගැනීමට අවශ්‍ය සම්බන්ධීකරනය. (රැකියා නියුතු / ව්‍යාපාර කරන / ස්වයං රැකියා කරන අයවලුන් සඳහා)
- පාසල් සිසුන් වෙත අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන සැපයීම.
- TVEC ආයතනයේ කලින් කලට පවරන රාජකාරි ඉටු කිරීම.
- රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම.
- පුහුණු ලාභීන් වෙත රැකියා අවස්ථා සම්බන්ධීකරනය.
සංවර්ධන නිලධාරී පරිසර
- පරිසර අමාත්‍යංශය මඟින් සිදු කරනු ලබන වැඩසටහන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
- ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පවරනු ලබන පරිසර ක්ෂේත්රයට අදාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ප්‍රජා දායකත්වය ලබා ගැනීමට අදාල කටයුතු සිදු කිරීම.
- ප්‍රාදේශීය මට්ටමින් මහජනතාව විසින් ඉදිරිපත් කරන පාරිසරික ගැටළු සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරිසර ගැටළු හඳුනාගැනීම හා විසඳුම් ලබා දීමට අවශ්‍ය ආයතනවලට යොමු කිරීම.
- ප්‍රාදේශීය පරිසර කමිටුව, සුරකිමු ගංගා ප්‍රාදේශීය කමිටුව හා ග්‍රාමීය පරිසර කමිටු ක්‍රියාත්ම කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් පරිදි මනා සම්බන්ධීකරනයකින් කටයුතු කිරීම.
- දිස්ත්‍රික් පරිසර කමිටුවේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත අවශ්‍ය රාජකාරි ඉටු කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන කටයුතුවලදී පාරිසරික හානි අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහය වීම.
- පරිසර සංරක්ෂණය පිලිබඳ ප්‍රජාව, පාසල් සිසුන්, රජයේ නිලධාරීන් දැනුවත් කිරීම.
සංවර්ධන නිලධාරී කුඩා ව්‍යාපාර
- කොට්ඨාසය තුල සිටින ව්‍යවසායකයින්ගේ තොරතුරු ලබාගෙන දත්ත පද්ධතියට ඇතුලත් කිරීම
- නව ව්‍යාපාර හා පවතින් ව්‍යාපාර හඳුනාගෙන එම ව්‍යාපාරවල පවතින ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දීම.
- නිෂ්පාදන සඳහා වෙළඳපල සොයා දීම.
- ව්‍යාපාර ලියාපදිංචි කටයුතු සඳහා අවශ්‍ය සහය ලබා දීම
- ව්‍යාපාර වැඩිදියුණුව සඳහා වශ්‍ය තාක්ෂණික පුහුණුව සඳහා යොමු කිරීම. ඒ සඳා වැයවන මුදලින් 50% ක දායකත්වයක් අප අංශය විසින් ලබාදීම.
- ණය පහසුකම් සඳහා යොමු කිරීම.
- නොමිලේ ලොගෝ, ලේබල්, ටැග්, විසිටින් කාඩ් සකසා දීම.
- අපනයන වෙළඳපල හඳුන්වා දීම.
- ව්‍යවසායකයින් හා ආයතන සම්බන්ධීකරණය කිරීම.
- විකුණුම්කරු ගැණුම්කරු වැඩසටහන් පැවැත්වීම.
- බැංකු සහය වැඩසටහන් පැවැත්වීම.
මුල් ළමාවිය සංවර්ධන නිලධාරී
- වයස 0-5ත් අතර දරුවන්ගේ සියළුම සංවර්ධන කටයුතු සඳහා මැදිහත් වීම.
- පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන අධීක්ෂණය, පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීම, ගුරු දීමනා ලබාදීම.
- ගර්භනී මව්වරුන්ගේ සුභසාධන කටයුතු දැනුවත් කිරීම, පෝෂණ දීමනාව ලබාදීම.
- මුල් ළමාවියේ දරුවන්ගේ පෝෂණ, සෞඛ්‍ය වැඩිදියුණු කිරීම, පෝෂන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පෙර පාසල් සඳහා උදෑසන ආයරවේල ලබාදීම.
- දරුවන්ගේ රැකවරණය ආරක්ෂාව සැලසීම, දෙමාපියන්, යෞවන කණ්ඩායම්, ගර්භනී මව්වරුන් නිලධාරීන් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම.
- මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාල සියළුම රාජකාරි කටයුතු.
වනිතා සංවර්ධන නිලධාරී (මධ්‍යම රජය)
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේදී කාන්තා සංවර්ධනයට අදාල වූ සියලුම රාජකාරි කටයුතු සම්බන්ධීකරණය කිරීම හා සංවිධානය කිරීම
- ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් කාන්තා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- වසම් මට්ටමින් කාන්තා සමිති පිහිටුවීම.
- කාන්තාවන්ගේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම.
- චක්‍රීය ණය වැඩසටහන පවත්වා ගෙන යාමට අදාළ සියළුම රාජකාරි.
- ස්වභාවික ආපදාවලදී විපතට පත්වන කාන්තාවන් පිළිබඳ සොයා බලා ක්ෂණිකව සහන සැලසීම.
ළමා හීමිකම් ප්‍රවර්ධන නිලධාරී
- ළමා අපයෝජන අවම කිරීම අරමුණු කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, වාර්තා නොවන ළමා අපයෝජන, අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම.
- දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම අරමුණු කරගෙන අධ්‍යාපන ආධාර, කැපකරු දෙගුරු ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- වසම් මට්ටමෙන් ළමා සමාජ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කෙරෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පාසල් නොයන හා කඩින් කඩ පාසල් යන දරුන් හඳුනා ගැනීම හා පාසල්ගත කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම.
ප්‍රජා විශෝධන නිලධාරී
- මහේස්ත්‍රාත් අධිකරණය මඟින් යොමුවන ප්‍රජා විශෝධනයට අදාළ මූලික තොරතුරු ඇතුලත් සමාජ වාර්තා සැකසීම.
- ජනාධිපති සමාව යටතේ නිදහස් වන පුද්ගලයින් සම්බන්ධව කටයුතු කිරීම.
- ආඥාලාභීන්ගේ පවුලේ ආර්ථිකය, සාමාජීය, අධ්‍යාත්මික, මානසික වශයෙන් සවිගැන්වීමේ සංවර්ධන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම
- මත්ද්‍රව්‍ය නිවාරණ විෂයෙහි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කලයුතු අය මූලික උපදේශණයෙන් අනතුරුව යොමු කරවීම.
- ආඥාලාභීන් සම්බන්ධව පසු විපරම් කටයුතු.
- ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- ආඥාලාභී විශේධන වැඩසටහන් සැලැස්මට අනුව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අවධානම් පවුල් සඳහා අවශ්‍ය මැදිහත් කරන කටයුතු සිදු කිරීම.
මානව සම්පත් සංවර්ධන නිලධාරී
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාලව රැකියා අපේක්ෂිතයින් රැකියා සපයන්නන්, පුහුණු ආයතන හා මානව සම්පත් සංවර්ධනයට අදාල සියළු ආයතන පිළිබඳ තොරතුරු රැස් කිරීම, යාවත්කාලීන කිරීම, දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.
- ලියාපදිංචි කරගන්නා රැකියා අපේක්ෂිතයින් සුදුසු පෞද්ගලික අංශයේ රැකියා සඳා යොමු කිරීම හා අදාල සම්බන්ධීකරණ කටයුතු ඉටු කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාලව ශ්‍රම වෙළඳපල තොරතුරු සහ මානව සම්පත් දත්ත හැසිරවීම සහ ඊට අදාල සමීක්ෂණ පරියේෂණ හා සිද්ධි අධ්‍යයන සඳහා දත්ත එක්රැස් කිරීම, විශ්වේෂණය කිරීම, ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා කිරීම.
- පාසල් සිසුන්, රැකියා අපේක්ෂිතයන්, දෙමව්පියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩ සටගන් සකස් කිරීම හා පැවැත්වීම.
- වෘත්තීය පුහුණු අපේක්ෂිතයින් ඊට අදාල ආයතන වෙත යොමු කිරීම.
- ආබාධ සහිත අය රැකියා ගත කිරීම පිළිබඳ වැඩසටහනට අදාල ප්‍රාදේශීය මට්ටමේ කටයුතු ඉටු කිරීම.
තරුණ කටයුතු සංවර්ධන නිලධාරී
- කොට්ඨාසය තුල සිටින තරුණ තරුණියන් ඒකරාශී කිරීම හා සේවා වියුක්තිය අවස්ම කිරීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශ හඳුන්වා දීම.
- දේශීය විදේශීය වෙළඳපොල ඉලක්ක කර ගනිමින් තරුණ ප්‍රජාවට වෘත්තීය පුහුණුව ලබාදීම.
- අභියෝග වලට මුහුණ දීමට හැකිවන පරිදි තරුණ පරපුර ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීම.
- කොට්ඨාසය තුළ තරුණ තරුණියන්ගේ හැකියාවන් හඳුනාගෙන ඒවා වර්ධනය කර ගැනීමට සහාල ලබා දීම, දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම.
- තරුණ තරුණියන් රැකියාගත කිරීම සඳහා විවිධ වෘත්තීය පුහුණු හා වෘත්තීය පුහුණු හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- තරුණ තරුණියන්ගේ දැනුම කුසලතා වර්ධනය කිරීම සඳහා පුහුණු පාඨමාලාවන් ක්‍රියාත්මක කිරීම.
වනිතා කටයුතු සංවර්ධන නිලධාරී (පළාත්)
- මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය විසින් පවරනු ලබන සියළුම රාජකාරි මැනවින් ඉටු කිරීම
- අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් විසින් පවරනු ලබන වෙනත් රාජකාරි ඉටු කිරීම.
- කොට්ඨාශයේ කාන්තා සංවර්ධනයට අදාල සියලුම රාජකාරී කටයුතු සම්බන්ධීකරනය කිරීම.
- සංවර්ධන වැඩසටහන් කටයුතු වල ප්‍රාදේශීය දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම, ගැටළු හඳුනාගැනීම හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ආර්ථික වැඩසටහන් හා ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම.
ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී
- ළමා ආරක්ෂක අධිකාරිය වෙත යොමුවන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 1929 ළමා දුරකථන සේවයට ලද පැමිණිලි විමර්ශණය කිරීම.
- ක්ෂේත්‍ර නිලධාරීන් විසින් දැන්ම් දෙන ලද ළමා ආරක්ෂාවට අදාල පැමිණිලි භාරගැනීම හා විමර්ශනය කිරීම.
- පාසල ළමා ආරක්ෂක කමියු පිහිටුවීම, දැනුවත් කිරීම හා සිසුන් දැනුවත් කිරීම.
- ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්.
- පොලීසිය, පරිවාස කාර්යාලය, ළමා නිවාස, MOH කාර්යාල වෙත යාම සහ තොරතුරු ලබාගැනීම.
- පිරිවෙන්, ළමානිවාස, පෙරපාසල්, පාසල් ගුරුවරුන් දැනුවත් කිරිම හා ළමුන්ගේ භාරකාරිත්වය දැනුවත් කිරීම.
- ළමයින්ට අදාල ඉදිරිපත්වන මානසික ගැටලු සඳහා ක්ෂේත්රයට ගොස් උපදේශන සේවා සැපයීම.














