FB IMG 1604905168188
 
"සුවෙන් සිටිමු ! COVID-19 දකිමු පරදමු"
 
සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය භාවිතයෙන් ඔබත්, ඔබේ පවුලත්, මිතුරනුත්, සමාජයත් කෝවිඩි උවදුරෙන් සුරකින්න
 
කොවිඩ් සටනට ICTA 
     ගෙන එන 'Stay Safe' ඇප් එක
=============>>>>>>>>>>>>>>
Contact tracing යනු රෝග සම්ප්‍රේෂණ දාම බිඳ දැමීමට සහ ඉදිරියට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා COVID-19 සහිත කෙනෙකුට නිරාවරණය වී ඇති පුද්ගලයින් හඳුනා ගැනීම, තක්සේරු කිරීම සහ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියයි.
කොවිඩ් 19 වෙතින් ඔබගේ, ඔබේ පවුලේ අය, ඔබේ මිතුරන් සහ ප්‍රජාව ආරක්ෂාකාරීව තබා ගැනීමට ICTA වෙතින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන 'Stay Safe' නම් Contact tracing ඇප් එක භාවිතා කළ හැකියි.
✅ 'Stay Safe' ක්‍රියා කරන්නේ කෙසේද?
1. මුලින්ම ඔබ ඇතුල්වන පොදු ස්ථානයේ ප්රදර්ශනය කර ඇති QR කේතය ඔබේ දුරකථනයේ 'Stay Safe' app එක මඟින් scan කිරීම හෝ Location ID සහ ඔබේ ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍ර අංකය 1919 ට කෙටි පණිවුඩයක් යවන්න.
2. එවිට ඔබගේ පිරික්සුම් හා පිටවීමේ වේලාවන් එකම ස්ථානයකට ගිය අනෙක් අයගේ වේලාවන් සමඟ සැසඳෙනු ඇත.
3. COVID-19 වෛරසය ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයෙකු එම අවස්ථාවේදීම ඔබ ඇතුල්වූ ස්ථානයක සිටියේ නම් ඔබට දන්වනු ලැබේ.
4. දැනුම් දීමෙන් පසු ඔබට COVID-19 වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා ස්වයං නිරෝධායනය ඇතුළු රෝගය වැළැක්වීමේ පියවර ගැනීමට හැකිය.
=======================
✅ 'Stay Safe' සේවාවෙන් ඔබට සැලසෙන් ප්‍රයෝජන
• COVID-19 වෛරසය ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයින්ට ඔබ නිරාවරණය වී ඇත්නම් ඒ ගැන දැනුම් දීම.
• ඔබ සංචාරය කරන ඕනෑම තැනක ඔබේ තොරතුරු කාර්යක්ෂමව හා ස්පර්ශයෙන් තොරව සැපයීමට ඇති හැකියාව.
• ඔබගේ තොරතුරු එක් වරක් ඇප් එකට ලබාදීමෙන් පසු ඔබේ ජාතික හැඳුනුම්පත ඇසුරෙන් ස්ථානයට ඇතුල්වීමට ඇති හැකියාව.
• QR කේතය සහ SMS මාර්ගයෙන් ස්ථානයකට ක්ෂණිකව පරික්ෂා කර ඇතුල්වීමට ඇති හැකියාව.
=======================
✅ Stay Safe ඔබේ ව්‍යාපාරයට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
• පෑන සහ කඩදාසි භාවිතයෙන් තොරව ඔබේ ආයතනයට ඇතුල්වූ අය පිළිබඳ 
සවිස්තරාත්මක වාර්තාවක් තබා ගැනීමේ හැකියාව
• COVID-19 වෛරසය ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයින්ට පරිශ්‍රයට ඇතුළුවීමෙන් අවහිර කිරීමේ හැකියාව.
=======================
✅ Stay Safe භාවිතා කළ හැක්කේ කුමන ආයතන සඳහාද?
• පුද්ගලික ව්‍යාපාර
• රජයේ කාර්යාල
• ආගමික ස්ථාන
• ප්‍රවාහන සේවා
=======================
✅ Stay Safe මත ඔබගේ දත්තවල රහස්‍යතාවය සහ ආරක්ෂාව
• ආරක්ෂිත රජයේ cloud මත දත්ත ගබඩා කර ඇති අතර දත්ත ලබා ගත හැක්කේ ඉහළ බලධාරීන්ට පමණි. ඔබේ දත්ත හෝ ඔබේ සංවිධානයේ දත්ත වෙනත් තෙවන පාර්ශවයක් සමඟ බෙදා නොගනී.
මේ ලිපිය share කර Stay Safe ඇප් එක හරහා COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ ආරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට සහාය වන්න!
වැඩි විස්තර සඳහා : http://staysafe.gov.lk

News & Events

23
ஜன2026

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දඹුල්ල

දිට්වා රු.25000 ආපදා ගෙවීමේ නාමලේඛනය - ප්‍රාදේශීය...

28
அக்2022
புதிய சுற்று பங்களா - தம்புள்ளை

புதிய சுற்று பங்களா - தம்புள்ளை

புதிய சர்க்யூட் பங்களா 19.02.2022 அன்று கௌரவ. சமல்...

28
அக்2022
நிதியமைச்சகத்தில் நடைபெற்ற செய்தியாளர் சந்திப்பில் கலந்துகொண்டு கருத்துத் தெரிவிக்கையில்

நிதியமைச்சகத்தில் நடைபெற்ற செய்தியாளர் சந்திப்பில் கலந்துகொண்டு கருத்துத் தெரிவிக்கையில்

நலப்பணிகள் வாரியம் மூலம் செயல்படுத்தப்படும் நலத்திட்ட உதவிகள் குறித்த...

28
அக்2022
சிறப்பு அறிவித்தல்

சிறப்பு அறிவித்தல்

திணைக்கள சுற்றறிக்கை இல 13/2021 இற்கு அமைவாக விவாக,...

குடியுரிமை சாசனம்

Scroll To Top